27.6 C
Colombo
August 14, 2026
Local NewsNews

සංචාරකයෙකු කොළඹ වටේ ගෙනියන්න ත‍්‍රිවිලයක් ලක්‍ෂ එකහමාරක් අය කරලා..

නවසීලන්ත ජාතික සංචාරකයකු මෙරට සංචාරයේ යෙදී සිටි දී කොළඹ නගරය වටා සංචාරය කිරීමට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ගත් සංචාරක මග පෙන්වන්නෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම නවසීලන්ත ජාතිකයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

නවසීලන්ත ජාතිකයා කොළඹ නගරයේ සංචාරය කිරීම සඳහා සංචාරක මග පෙන්වන්දා සමගින් ත‍්‍රිරෝද රථයකින් මිල ගණන් විමසා ඇති අතර එහිදී ත්‍රී රෝද රථයේ රියදුරා පවසා ඇත්තේ කොළඹ නගරය වටා ඇවිදීමට ඩොලර් 20 ක මුදලක් අවශ්‍ය බවයි.

ඩොලරයක් රුපියල් 4,500 ක් වන බවත් එම මුදල රුපියල් වලින් ලබාදෙන ලෙසත් කළ ඉල්ලීම අනුව නවසිලන්ත ජාතිකයා එම මුදල බැංකු කාඩ් පතක් මගින් ලබාගෙන ඔහුට ලබාදී තිබේ.

ඒ අනුව සැකකාර තීරෝද රථ රියැදුරා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related posts

ඕස්ට්‍රේලියාව යළි ගිනි ගනී – නගර රැසක උෂ්ණතවය ඉහළට

Maimoonar

6 වසර පෙළ පොතක අඩංගු වූ වෙබ් අඩවි ලිපිනයක් සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා සිය විවේචනය එල්ල කර තිබේ. 

Maimoonar

අග්‍රාමාත්‍ය ආර්යාවගේ මග පෙන්වීමෙන් අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක්…

Maimoonar

6 comments

Comments are closed.