28.9 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

වවුනියාවේ ගෙවතු වගා 30,000ක සාර්ථකව අස්වනු නෙලයි.. අතිරික්ත එළවළු වෙළඳ පොලට…

ආහාර අර්බුධයට පිළියමක් ලෙස රජයේ වැඩපිළිවෙල යටතේ ගෘහ අවශ්‍යතාවය වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ආරම්භ කල ගෙවතු වගාවෙන් සාර්ථක අස්වැන්නක් නෙලා ගැනීමට හැකිවූ බවත් අතිරික්ත එළවළු වෙළඳ පොළට නිකුත් කරන බවත් ගොවීන් පවසයි.

වවුනියාව දිස්ත්‍රික්කයේ ගෙවතු වගා 30,000ක් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා වවුනියාව ශාසනාරක්ෂකබල මණ්ඩලයේ දායකත්වය ඇතිව ආරම්භ කල බවත් එහි සාර්ථකව අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර ඇති බවත් වවුනියාව දිසා ලේකම් පී.ඒ.සරත්චන්ද්‍ර මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ආරම්භ කරන ලද ගෙවතු වගා නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිණි.

වවුනියාව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දායකත්වයෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ දහම් පාසල් කේන්ද්‍ර කරගනිමින් ගෙවතු වගා 300කට අධික ප්‍රමාණයක්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ග්‍රාමසේවා වසම් 102ක ගෙවතු වගාව ක්‍රියාත්මක කරතිබේ.

වෙළඳපොලේ පවතින එළවළු මිලගනන් වලට වඩා ඉතා අඩුමුදලට වසවිස නැති එළවළු පාරිභෝගිකයින්ට ලබා දීමට හැකියාව ඇති බව ගොවීන් පවසයි.

තම පරිභෝජනයට මෙන්ම අතිරික්ත එළවළු වෙළඳ පොලට නිකුත් කිරීමට ද හැකියාව පවතින බව ඔවුන් පවසයි.

මෙ හේතුවෙන් විශාල පිරිසකට සෙත සැලසෙන බවයි ගොවීන් සඳහන් කරන්නේ.

– එස්.එම්.ඩී.චන්ද්‍රනාත් බංඩාර

Related posts

රවි කණෙන් රිංගන තුරු රනිල් දන්නෙවත් නෑ..- එජාපයෙන් නිවේදනයක්

Maimoonar

The Women’s 100 තරගාවලියේදී Southern Brave කණ්ඩායමට තියුණු ජයක්

Maimoonar

ජනප‍්‍රිය පාසලක සෑම පන්තියකින්ම ලක්‍ෂ දෙකහමාර බැගින් එකතු කරයි…

Maimoonar

182 comments

Comments are closed.