29.5 C
Colombo
October 1, 2026
BusinessBusiness NewsNews

උද්ධමනය ඉතිහාසයේ වැඩිම අගයට… රජයේ වාර්තාව මෙන්න..

ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2022 අගෝස්තු මාසය සඳහා අද දින නිකුත් කරනු ලබයි.

ඒ අනුව,

2022 අගෝස්තු මාසය සඳහා ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 70.2%කි. (2022 ජූලි මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය ) 66.7% ක් ලෙස වාර්තා විය).

ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2022 අගෝස්තු මාසයේදී 84.6 % කි. (2022 ජූලි මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 82.5% විය.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2022 ජූලි මාසයේදී 57.1 % දක්වා ඉහල ගොස් ඇති අතර 2022 ජූනි මාසයේදී එය 52.4 % ලෙස වාර්තා විය.

පෙර මාසය හා සංසන්දනය කලවිට, 2022 අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩය යටතේ ඇති ආහාර කාණ්ඩය සැළකූවිට අළුත් මාළු, බිස්කට් වර්ග, බිත්තර, පළතුරු, කුකුළුමස්, ළදරු කිරිපිටි, කරවල, එළවළු, ටින්මාළු, කිරිපිටි, පොල්තෙල්, පාන්, නූඩ්ල්ස්, තිරිඟුපිටි, හාල්පිටි, මිරිස්කුඩු සහ ලුණු යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම මෙන්ම, මයිසූර් පරිප්පු, හාල්, සීනි, ලොකුළූණු, අර්තාපල්, දෙහි, වියළි මිරිස්, අමුමිරිස් සහ රතුළූණු යන ආහාර ද්‍රව්‍ය වල මිලෙහි අඩුවීම ද කැපී පෙනේ.

Related posts

2026 අයවැය වාර්තාව: තුන්වන වර කියවීම වැඩි ඡන්ද 157කින් සම්මතයි

Maimoonar

මැතිවරණය 20 තියන්න බෑ.. සෞඛ්‍ය නිර්දේශඅත්‍යවශ්‍යයි..- මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..

Maimoonar

චීනයේ මරණ සංඛ්‍යාව 426ක් වෙයි – ආසාධිතයින් 20625ක්

Maimoonar

487 comments

Comments are closed.