28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

අම්ෆන් සුළිකුණාටුව දරුණුයි – ශ්‍රී ලාංකික ධීවරයින් 180ක් සමග බෝට්ටු 30ක් අවදානමක

අම්ෆන් සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට ධීවරයින් 180 දෙනෙකු ඉන්දුනීසියාව දෙසට ගසාගෙන ගොස් තිබෙනවා.

ඔවුන් බහුදින ධීවර යාත‍්‍රා 30 කින් මුහුදු ගොස් තිබුණා. පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබද තොරතුරු දැනුම්දීමෙන් පසු එම යාත‍්‍රා ආපසු පැමිණෙමින් ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ පත්ම පි‍්‍රය තිසේරා පවසනවා.

පවතින තත්ත්වය හමුවේ තවදුරටත් ධීවර ගමන් අවදානම් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සදහන් කළා.

දිස්ති‍්‍රක්ක 10 කට පැනවූ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර අම්ෆන් සුළිකුණාටුව හේතවෙන් දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශවලට තවදුරටත් වැසි අපේක්‍ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ වනවිට දිවයිනෙන් ඉවතට ගමන් කරන අම්ෆන් සුළිකුණාටුව හේතුවෙන් ඉන්දියාව සහ බංග්ලාදේශයට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බවට දැනටමත් අනතුරු අගවා අවසන්.  

විදෙස් මාධ්‍ය පැවසුවේ සුළිකුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ නැගෙනහිර දිග ප‍්‍රදේශවලට සහ බංග්ලාදේශයේ ප‍්‍රදේශ රැුසකට දැඩි සුළං සහ අධික වර්ෂාවක් පවතින බවයි.

1999 වසරෙන් පසු මෙතරම් ප‍්‍රබල සුළිකුණාටුවකින් ඉන්දියාවට සහ බංග්ලාදේශයට බලපෑම් එල්ල වන පළමු අවස්ථාවද මෙය වනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි

Maimoonar

රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..

Maimoonar

හරක් කටාගෙන් කෝටි ගණනින් අල්ලස් ගත් දේශපාලනඥයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ට එරෙහිව දැඩි විමර්ශන

Maimoonar

4 comments

Comments are closed.