28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

සර්ව පාක්‍ෂික ආණ්ඩු වැඩක් නෑ.. අරගලකරුන් ජීවිත පුදා හෝ අරගලය ජයගත යුතුයි…- ෆොන්සේකා

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම මේ මොහොතේ ප‍්‍රයෝජනවත් දෙයක් නොවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවේදී පවසා තිබේ.

සර්වපාක්ෂික ආණ්ඩුවක් යනු පවතින ගැටළුවට විසඳුමක් ලෙස තමන් නොදකින බව ද ඔහු පෙන්වා දී ඇත.

අරගලයේ නිරත වූ පිරිස් වල ප්‍රධාන ඉල්ලීමක් වූයේ දූෂණය තුරන් කිරීම බවද පවසා ඇති ඒ මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවද පවසා ඇත.

මේ අතර ෆොන්සේකා මහතා මෑතකදී අන්තර්ජාල නාලිකාවක දී සඳහන් කරන ලද්දේ අරගලකරුවන් ජීවිත පූජා කර හෝ අරගලයේ අරමුණු ජයග්‍රහණය කිරීමට කැප විය යුතු බවයි.

Related posts

චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට…? අතහිත තිස්ස අත්තනායකගෙන්..?

Maimoonar

බාර් පෝලිමෙන් රටම කොරෝනා පාලනයේ ආරම්භයට..

Maimoonar

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අඛණ්ඩව 3වැනි වරටත් දඩ

Maimoonar

105 comments

Comments are closed.