29.5 C
Colombo
October 1, 2026
NewsPolitical

විශ්වාස භංගයට අත්සන් ගන්න විපක්‍ෂය මහ වලියක.. සජිත් ඇතුළු පිරිසක් බෑ කියයි… පිරිසක් හා කියයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලකර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නමුත් සමගි ජන බලවේගයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම යෝජනාව එකහෙලා ප්‍රතික්ෂේප කර ඇත. තමන් හට මේ වන විට පාර්ලිමේන්තුවේ ඒ සඳහා බහුතර බලය නොමැති නිසාත් මේ මෙහොතේ එයට අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගැනීමට හැකියාවක් නොමැති නිසාත් එම දෝෂාභියෝග යෝජනාව සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට ලැබිණි.

තවද මෙමගින් සිදුවන්නේ මැතිවරණයකට යා නොහැකි වීමත් ජනාධිපති තවත් ශක්තිමත්වන බවත්ය. නමුත් දිගින් දිගටම මනූෂ සහ හරීන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට මෙයට එකඟ වන ලෙස බලපෑම් කර ඇති බව දැනගන්නට ලැබිණි.

මෙයින් වන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කල්ලි දෙකකට බෙදී දෝෂාභියෝගයට පක්ෂව සහ විපක්ෂයව සිටින බවත් තමන් හට පාර්ලිමේන්තුවේ බහුතර බලය මේ මොහොතේ නොමැති බැවින් ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් නොකරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම පවසා ඇත.

– Repoter

Related posts

වෙදලසැලකදී කාන්තාවන් සිවු දෙනෙකු නිරුවත් කර පහර දෙති…

Maimoonar

Corona : මුල් දින 20 ලංකාව 150යි.. ඇමරිකාව 09යි.. තව සති තුනකින් ලංකාවට වන දේ ජෝන් හොප්කින්ස් පුරෝකථන කරයි..

Maimoonar

ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..

Maimoonar

19 comments

Comments are closed.