29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට බෝට්ටුවකින් පැනලා…?

අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සැලසුම මෙරට සිට මෙහෙය වූ මහමොලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දී නම් තරුණිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් ඇතැයි සැකයක් මතුව තිබේ.

ඇයට රටින් පිටව යාමට ඇති සියලු මාර්ග අවහිරකර ඇතත් යම් හෝ සුළු හිඩැසකින් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලායාමට ඇති හැකියාව සලකා බලමින් ඇය සම්බන්ධයෙන් සියලු තොරතුරු ඉන්දීය ආරක්ෂක අංශ වෙත ලබාදීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබේ.

ඉන්දියාවේ රැඳී සිටින මෙරටට අවශ්‍ය අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට භාර දීමට ඉන්දියාව කටයුතු එකඟ වී තිබෙන බවත් මීට පෙරද එවන් පුද්ගලයන් මෙරටට භාරදී ම ඇත.

කෙසේ නමුත් ඇය මේ වන විට ඉන්දියාවට ගොස් ඇති බවට තහවුරු වී නොමැති අතර ඇය සොයා ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් තිබේ.

Related posts

ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…

Maimoonar

මට පාර්ලිමේන්තු මන්ත්‍රීකම ආපසු ඕනෑ…- නගරාධිපති වෙන්න අස්වූ මුජිබුර්

Maimoonar

මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්

Maimoonar