27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

ජනපති-රනිල් රහසේ සාකච්චාවක්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ සිදුව ඇත.

ජනාධිපතිවරයා ගේ පාර්ලිමේන්තු කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට ඔවුන් දෙදෙනා හැර වෙන කිසිවෙකු සහභාගි වී නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත මෙම සාකච්ඡාව සිදුව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට ඇති අතර එමෙන්ම අසල්වාසී රටවල් සමඟ ආර්ථික තලයේ සිදුකිරීමට නියමිත රාජතාන්ත්‍රික ගනුදෙනු පිළිබඳව ද සාකච්ඡා කර ඇතැයිද පැවසේ.

Related posts

ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි! වියළි ආහාර දීමනාව රු. 10,500 දක්වා ඉහළට; අමාත්‍යාංශවලට විශේෂ මූල්‍ය බලතල

Maimoonar

සුදර්ශනී මහර ගැටුමෙන් පසු බන්ධනාගාර ඇමතිකමෙන් ඉවතට.. වෙන අයෙක් පත් කරයි..

Maimoonar

කංචන විජේසේකර ඉතිරි සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට නම් කරයි..

Maimoonar