27.2 C
Colombo
August 20, 2026
NewsPolitical

අගමැති ඉවත් කලොත් පාරේ විරෝධතා කරන බව පොහොට්ටුව කියයි.. ජනපතිට ලිපියකින් දන්වයි…

අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වුවහොත් හෝ ඉවත් කළහොත් පාරට බැස විරෝධතාවල නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සඳහන් කර ඇත.

අරලියගහ මන්දිරයේදී ඊයේ අග්‍රාමාත්‍යවරයා සමඟ ඊයේ දින පැවති හමුවේ දී ඔවුන් මේ බව සඳහන් කර ඇත.

අගමැතිවරයා ඉවත් කිරීමට එකඟ නොවන බවත් ආණ්ඩුව පවත්වාගෙන යාමට අගමැතිවරයා සිටිය යුතු වුවත් ඔවුන් අවධාරණය කර ඇත.

මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් හය දෙනෙකු පමණ මේ බව ප්‍රකාශ කර තිබේ.

අගමැතිවරයා ඉවත් නොකරන්නැයි ජනාධිපතිවරයාට ලිපියක් යොමු කිරීමටද කටයුතු සූදානම් කර ඇති අතර ඊට පළාත් පාලන නියෝජිතයන් තුන් සියයක් පමණ අත්සන් කර ඇත.

Related posts

චීන මුහුදු කූඩලු ගොවිපලවලට ධීවර විරෝධය…

Maimoonar

නන්දලාල් එලවා අර්ජුන මහේන්ද‍්‍රන් මහ බංකු අධිපති කරන්න හදනවාද..- සජිත්

Maimoonar

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගතකළ මව්ලවි ඉල්ලා අස්වෙයි

Maimoonar

3 comments

Comments are closed.