27.2 C
Colombo
August 20, 2026
NewsPolitical

ශ‍්‍රි ලංකාව වේගයෙන් ආර්ජන්ටීනාව, සිම්බාබ්වේ, වෙනිසියුලාව දෙසට…

මුදල් අච්චු ගැසුවාට උද්ධමනය ඉහල නොයන බවට මහබැංකු අධිපතිවරයා පවසන්නේ ආර්ථික විද්‍යාවේ මූලිකම දැණුමවත් නොදන්නා අයෙකු ලෙසයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආර්ජන්ටීනාව,සිම්බාබ්වේ ,වෙනිසියුලාව දෙසට මේ රට තල්ලු කිරීමට මහබැංකු අධිපතිවරයා කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුවේ අන්තනෝමතික තීරණ හේතුවෙන් රටම විනාශය කරා යන බව කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 35 වන පියවර ලෙස රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ වව්නියාව දිස්ත්‍රික් රෝහලට පරිත්‍යාග කරනු ලැබිය.

රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා Dialysis Machine with Portable RO System යන්ත්‍රයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වව්නියාව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රාහුලන් මහතා වෙත මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 34ක් තුල ලක්ෂ 1016ක (රුපියල් 101,610,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.

– media unit

Related posts

LTTE යුද්ධය හා JVP භීෂණයෙන් රටට ඩොලර් බිලියන 200ක් අහිමියි..

Maimoonar

SJB කොළඹ නගරාධිපති අපේක්‍ෂක හනීෆා වෙනුවට වෙන කෙනෙක් නගරාධිපති කරන්න යයි…

Maimoonar

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ නම භාවිත කරමින් සිදුකරන ඊමේල් වංචාවක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

Maimoonar

2 comments

Comments are closed.