28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

දුම්වැටි සමාගම් ඉදිරියේ පෝලිම්.. එක් අයෙකුට පැකැට්ටුවක් පමණයි…

අලුත්ගම නගරයේ තිබෙන ප්‍රසිද්ධ සමාගමකට අයත් දුම්වැටි අලෙවි කිරීමේ කවුළුවෙන් දුම්වැටි මිල දී ගන්නට සුළු ව්‍යාපාර සිදුකරන පුද්ගලයන්ට පැය කීපයක් තිස්සේ පෝලිමේ සිටින්නට සිදුව තිබෙන බව ඔවුහු කියති.

මේ ආකාරයෙන් බොහෝ වේලාවක් පෝලිමේ සිටි පුද්ගලයන් එළිමහනට නොපෙනෙන ආකාරයෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙක් එම දොර වසා දැමීමක් ද සිදු කළහ .

එහිදී පැය ගානක් පෝලිමේ සිටියත් එක් අයෙකුට ලබා දෙන්නේ දුම්වැටි 20ක් අඩංගු එක් පැකට්ටුවක් බව කියමින් ඔවුහු චෝදනා කළහ.

දුම්වැටි මිලදී ගැනීමට පැමිණ සිටි පුද්ගලයන් අතර කාන්තාවන් ද සිටීම විශේෂත්වයක් වූ බවත් ඔවුන් පැමිණ සිටින්නේ තමන්ගෙ ජීවනෝපාය වෙනුවෙන් පවත්වාගෙන යන හෝටල්, ආපන ශාලා, සිල්ලර කඩ වැනි ව්‍යාපාර වලට පැමිණෙන පාරිභෝගිකයන් ඉල්ලන දුම්වැටි අලෙවි කිරීමට දුම්වැටි තොග ලබා ගැනීමට බවත් දුම්වැටි නොමැතිනම් වෙනත් භාණ්ඩ සහ ආහාර පාන අලෙවි කිරීමටත් ගැටළුවක් වී ඇති බවත් ඔවුන් ප්‍රකාශ කළහ.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

Related posts

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අද තරග බිමේ

Maimoonar

පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපතිට එරෙහිව අධිචෝදනා

Maimoonar

ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභිමානය ප්‍රකාශ කිරීමට රජයට කොන්දක් නැති බව නාමල් රාජපක්ෂ මහතා පවසයි

Maimoonar

657 comments

Comments are closed.