29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේ

විදේශ රැකියා සදහා පිටත් වන ශ‍්‍රමිකයින් විසින් ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු සහ ලියාපදිංචිය අලූත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ, නව රජයේ ආර්ථික ප‍්‍රතිපත්ති අනුව විවිධ භාණ්ඩ සහ සේවා සදහා අය කරනු ලබන බදු සංශෝධනය කිරීම හේතුවෙන්.

ඒ අනුව රුපියල් 17,837 ක් ලෙස පැවති විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුව රුපියල් 16,416 ක් දක්වා අඩු කර තිබෙනවා.

රුපියල් 3,755 ක් ලෙස පැවති විදේශ රැුකියා ලියාපදිංචිය අලූත් කිරීමේ ගාස්තුව නව සංශෝධනය යටතේ රුපියල් 3,456 ක් දක්වා අඩු කර ඇති බවයි ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ.

පසුගිය පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම නව ගාස්තු සංශෝධනය කි‍්‍රයාත්මකයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කෙසෙල්වත්තේ 1010ක් නිරෝධායනයට යවයි..

Maimoonar

රජයේ වැඩපිළිවෙළ ඉදිරියට යාමට නම් පළාත් පාලන ඡන්දෙත් දිනන්න ඔ්නෑ…

Maimoonar

IDH රෝහලේ සිටි තවත් ආසාදිතයෙක් දැඩි සත්කාර ඒකකයට

Maimoonar

681 comments

Comments are closed.