Local NewsNews

එන වසර මැද ණය වාරික ඩොලර් බිලියන හයයි.. IMF ගියොත් ඩොලරය 240 සිමාවේ.. නොගියොත් 300 පනී..

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සමග එකඟතාවයට පැමිණීම හැර වෙනත් විකල්ප නැති බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණියහොත් අනෙකුත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන වෙතින් ද ණය පහසුකම් ලබා ගැනීමට හැකිවනු ඇතැයිද ඔහු පැවසීය.

ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම සෙසු මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීමට සහතිකයක් වනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එළැඹෙන වසර මැද භාගය වන විට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 6 ක පමණ ණය මුදලක් ගෙවීමට ඇති නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නැතැයි ද ඔහු කියා සිටියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණියහොත් ඇමරිකානු ඩොලරයක් රුපියල් 240 සීමාවේ පමණ තබා ගත හැකි වනු ඇති බවත් එසේ නො කළහොත් ඩොලරය රුපියල් 300 පමණ ඉක්මවනු ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රධානීන් සමග අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්චාවකදීය.

Related posts

ඉන්දියාවේ සහාය ලබාගෙන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බලපෑම් කරනවා – විග්නේෂ්වරන් කිළිනොච්චියේදී කියයි

Maimoonar

ග‍්‍රාමසේවකලා රුපියල් 5000 බෙදිල්ලෙන් ඉවත් කරලා.. රජය වෙනම කමිටුවක් දාලා අප හෑල්ලු කරලා..- ග‍්‍රාමසේවක සභාපති

Maimoonar

ලංකාවේ ලක්‍ෂ 34ක් ආහාර අර්බුදයක.. පවුල් 70%කට ප්‍රෝටීන් නෑ..- WFP

Maimoonar

5 comments

Comments are closed.