27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

ඊයේ විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ අද යලි වසා දමයි..

ඊයේ දිනයේ විවෘත කරන ලද නව කැළණි පාලම අද පෙරවරුවේ සිට යළි වසා දමා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් මෙම මාර්ගය ජනතා අයිතියට පත් කරන ලදී.

කැලණි පාලම ආශ්‍රිතව ඇතිවන අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස නව ගුවන් පාලම ඉදිකරන ලදී.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ‍ව්‍යාපෘතියේ ප්‍රධානියෙකු කියා සිටියේ අත්‍යවශ්‍ය සුළු නඩත්තු කිරීම් කටයුතු කිහිපයක් සඳහා මෙම මාර්ගය යළි වසා දමන ලද බවයි.

ඉන් අනතුරුව නැවතත් අද පස්වරුවේ මහජනතාව සඳහා විවෘත කරන බව ද විවෘත කිරීමට පෙර සැලසුම් කර තිබුනේද ඒ ආකාරයෙන් බවත් ඔහු පැවසීය.

Related posts

මහමාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට අද සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි

Maimoonar

මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි.. අද ශ‍්‍රීලනිපයේ වැඩි පිරිසක් සිරිකොතෙන් ආ අයයි…

Maimoonar

මන්ත‍්‍රීලාට පර්මිට් දෙන්නෙත් නෑ.. රජයෙන් වාහන දෙන්නෙත් නෑ.. ප‍්‍රවාහන පහසුකම් තමන් සපයාගත යුතුයි..

Maimoonar

1 comment

Comments are closed.