32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් සුරැකීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්

නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

නැගෙනහිර පළාත තුළ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන හඳුනා ගැනීම, එසේ හඳුනා ගත් ස්ථාන හා පුරාවස්තු සංරක්ෂණය කරමින් ඒවා කළමණාකරණය සඳහා සුදුසු වැඩපිළිවලක් හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරිම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායට පැවරී ඇති ප්‍රධාන වගකීමක් වනවා.

මෙම කාර්ය සාධක බළකායේ සභාපති ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පත් කොට ඇත. එමෙන්ම එහි ලේකම්වරයා ලෙස ජනාධිපති ජේෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක පත් කර ඇත.

මෙම ජනාධිපති කාර්ය සාධක බළකායට පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නායක ස්වාමින් වහන්සේද ඇතුලත් වනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මාලිමා රජයටත් එරෙහිව කටයුතු කරන්න සූදානම්..- අගරදගුරු

Maimoonar

දේශබන්දු නැතිව යුක්තිය අඩපනයි…

Maimoonar

හිටපු ඇමතිලා අටකට අධි චෝදනා යටතේ නඩු..

Maimoonar

3 comments

Comments are closed.