Local NewsNews

අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්න.. හෙට සිට ලොක්ඩවුන් වෙන්න සැරසෙන්න..

රට තුළ කොරෝනා වෛරසය පාලනයකින් තොරව වේගයෙන් පැතිරෙමින් ඇති බවත් තම ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ස්වයං සංචාරණ සීමා පැනවීමක් සිදු කරගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය ඉල්ලා සිටි.

ඒ අනුව සදුදා දින සිට ස්වයං සංචාරන සීමා පනවා ගැනීමට කටයුතු කරන්නයි සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලා සිටියේය.

තම සංගමය මින් ඉදිරියට සංචාරණ සීමා පනවන්නැයි රජයට බල කිරීම කිසි ඉල්ලීමක් සිදු නොකරන බවද ඒ මහතා සඳහන් කළේය.

සදුදා දිනය වන විට අවශ්‍ය බඩු බාහිරාදිය රැස්කරගෙන සියලු දෙනා ස්වයං සංචරණ සීමා පාලනයකට යොමු වී ජීවිත ආරක්ෂා කර ගැනීමට ස්වෙච්චාවෙන් කටයුතු කරන්න සූදානම් වන්න යැයිද ඒ මහතා කියා සිටියේය.

මේ මොහොතේ ආණ්ඩුවේ තීරණ ගැන කණගාටු වන බවත් ආණ්ඩුවේ ප්‍රධානීන් වායුසමනය කළ කාමර වල සිට තීරණ ගැනීමකින් තොරව බලා සිටින බවත් විශාලා මහනුවරක් වූ රට තුළ මහපොළොවෙ පයගසා ඇවිද ජනතාව විඳින දුක බලාගන්නැයි ආරාධනා කරන බවත් තව දුරටත් පැවසීය.

Related posts

රජය සතු ඌන උපයෝජිත වතු ඉඩම් ආයෝජකයන් වෙත බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Maimoonar

Corona : යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දමයි…

Maimoonar

ඩොලර් තිබෙන නිසා හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකියි – කෘෂිකර්ම ඇමති

Maimoonar

1 comment

Comments are closed.