31.7 C
Colombo
September 10, 2026
NewsPolitical

නාමල් සමග 40ක් විපක්‍ෂයකට…?

ඉදිරි කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හතළිහක් පමණ විපක්ෂයේ අසුන් ගැනීමට සැලසුමක් ක‍්‍රියාත්මක කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

දැනට ආණ්ඩුවේ අප්‍රධානීන් හා පොදු ජන පෙරමුණ අතර මතුව තිබෙන දේශපාලන ප්‍රතිවිරෝධතා හේතු කරගෙන මෙම පියවර ගනු ඇතැයිද සඳහන්ය.

පක්ෂය විසින් ගන්නා මෙම තීන්දුවට එරෙහි වන සියලුම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමටද ඔවුන් කිසිවෙකුට මහ මැතිවරණයේදීත් නාම යෝජනා ලබා නොදීමටත් පොදු ජන පෙරමුණේ අවධානය යොමු වී ඇත.

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීම සඳහා මන්ත‍්‍රීවරුන් විස්සක පමණ ප්‍රමාණයක් දැනටමත් සූදානමින් සිටින බවද එය හතලිහක් තෙක් ඉහල යනු ඇති බවත් එම වාර්තාව තවදුරටත් කියා සිටී.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ අවස්ථාවේදී විපක්ෂයට යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ කිසිදු අදහසක් නැති බවයි.

ඉදිරි ජනාධිපති අපේක්ෂකයා කවුදැයි පක්ෂය විසින් මේ සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු පැවසීය.

නමුත් ඇතැමුන්ට පළමුව මහ මැතිවරණයක් අවශ්‍ය වී ඇති ඇති බව පෙනෙන්නට ඇති බවත් ඔවුන් බොරු ආරංචි යවමින් අර්බුද මැවීමට උත්සාහ කරමින් සිටින බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

දකුණු ආසියානු කලාපීය සහයෝගීතාව පිළිබඳ නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය

Maimoonar

සිය පාලනය නිම වනතුරු අමෙරිකාව අගුලූ නොදමන බව ට‍්‍රම්ප් කියයි

Maimoonar

අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..

Maimoonar