28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

රජයක් ලෙස අප රටට විහිළු සපයනවා..- චන්දිම වීරක්කොඩි

ඛනිජ තෙල් විෂයභාර අමාත්‍යවරයාට ඉන්ධන මිල තීරණය කිරීමේ හැකියාවක් නැති බව හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරයෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

ඉන්ධන මිල තීරණය කරන්නේ මුදල් අමාත්‍යංශය විසින් බවද මිල තීරණය කිරීමේ දී අවශ්‍ය නම් ඛනිජ තෙල් අමාත්‍යවරයාගේ අදහස් ලබාගත හැකි වුවද මිල තීරණය අවසාන වශයෙන් කරන්නේ මුදල් අමාත්‍යාංශ විසින් බවද ඔහු පැවසීය.

එය පනත අනුව ම මුදල් අමාත්‍යවරයාට පැවරී ඇතැයි ද වීරක්කොඩි මහතා පෙන්වා දෙයි.

තෝරාගත් පිරිස් සහ පුද්ගලයන් වශයෙන් ඉලක්ක කර පහරදීමට ගොස් මේ ආකාරයෙන් නොදැනුවත්කම ප්‍රකාශය කිරීම හේතුවෙන් රජයක් ලෙස මේ මොහොතේ රටට විහිළු සපයමින් සිටින බව ද ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයි

Maimoonar

විදේශ සංචිත පහල වැටේ..

Maimoonar

ජල බිල්පත් මාස ගණන් ප්‍රමාදකර විශාල බිලක් ලබාදීමේ වැඩ පිළිවෙළක්…

Maimoonar