28.9 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කෙරේ

සංචරණ සීමාවන් පවතින කාලයේ දී බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා මහ බැංකු අධිපතිවරයා විසින් පොලිස්පතිවරායෙගන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබුණා. ඒ අනුව පොලිස්පතිවරයා එම ඉල්ලීම පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත දැනුම් දුන් අතර එහිදී  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. 

එම උපදෙස් මාලාවට අනුව,

  • සියළුම බැංකු ශාඛා සහ බැංකු නොවන මූල්‍ය ආයතන සඳහා එක් ශාඛාවකට වරකට සේවකයින් 15ක උපරිමයට යටත්ව සේවකයින් කැඳවීමට අවසර හිමිවනවා.
  • එසේ කැඳවන සේවකයින් පිළිබඳ විස්තර අදාළ ශාඛා කළමණාකරු විසින් අදාළ පොලිස් ස්ථානය වෙත භාර දිය යුතුවනවා. 
  • එසේ භාර දුන් ලැස්යිස්තුවට අනුකූලව බැංකු කාර් ය මණ්ඩලයට සිය අනන්‍යතාව තහවුරු කර සේවයට වාර්තා කිරීමේ හැකියාව පවතිනවා. 

කෙසේ වෙතත් ගණුදෙනුකරුවන් වෙත බැංකු විවෘත කිරීමක් මෙහිදී සිදුනොවන අතර සංචරණ සීමා පනවා ඇති කාලසීමාවේ දී බැංකුවල අභ්‍යන්තර කටයුතු පවත්වාගෙන යාම සඳහා පමණක් මෙම අවසරය හිමිව තිබෙනවා. 

Related posts

සරත් ෆොන්සේකා බල්ලෙක්..ඔහු එජාපයෙන් පන්නා දැමිය යුතුයි-තෙවරප්පෙරුම නොනැවතේ

Maimoonar

හාල්, පොල් , බෙහෙත් දෙන්න බැරිව, තෙල් විදුලිය අඩු කරන්න බැරිව ආණ්ඩුව ගොත ගගහා කෙඳිරි ගගා ඉන්නේ..

Maimoonar

අන්තර්ජාලයෙන් මුදල් වංචා කර රට වටේ ගේම් දුන් ගාල්ලේ තරුණයෙකු පොලීසියට කොටුවෙයි

Maimoonar

1 comment

Comments are closed.