29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

පස්කන්දට යටවූ නිවැසියන්ගේ මළසිරුරු තිබූ තැන පෙන්වූ සුරතලා

අධික වර්ෂාව හේතුවෙන් නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මාවනැල්ලේ දෙවනගල ප්‍රදේශයේ එකම පවුලේ පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. 

පස් කන්දට උඅට වී තිබූ මළසිරුරු සොයා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙහෙයුමක් දියත් කර තිබුණා. ගම්වැසියන්ගේ උදව් ඇතුව විපතට පත් වූවන් බේරා ගැනීම සඳහා ක්‍රියාකරනු ලබන අවස්ථාවේ දී මෙම සිදුවීම සිදු වූ ස්ථානයට එම නිවසේ සිටි සුනඛයා පැමිණ තිබුණත් ප්‍රදේශවාසීන් එම සුනඛයා එලවා දමා තිබුණා. 

නමුත් එම සුනඛයා නැවත පැමිණ සිය ඉදිරිපස දෙපාවලින් කඩා වැ‍ටුණු පස් කන්දේ එක ස්ථානයක පස් ඉවත් කිරීමට පටන්ගෙන තිබෙනවා. 

ගලවාගැනීමේ පිරිස් සුනඛයාගේ මෙම ක්‍රියාව නිරීක්ෂණය කර සුනඛයා පස් හැරීමට පටන් ගත් ස්ථානයේ පස් ඉවත් කිරීම ආරම්භ කළා. ඒ අවස්ථාවේ දී මියගිය පුද්ගලයින් හතර දෙනාගේ සිරුරු සුනඛයා විසින් පෙන්වූ ස්ථානයේ තිබී සොයා ගැනීමට හැකිවූ බවයි වාර්තාවල සඳහන් වන්නේ. 

Related posts

මාතලේ කොරෝනා දත්ත විකෘති කරලා..

Maimoonar

ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් නිසා අත්අඩංගුවට ගත් දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා නිදහස් කර යවයි

Maimoonar

බස් පරණයි.. අමතර කොටස් බාලයි.. අනතුරු වැඩි ඒ නිසා.. ඉදිරියට තව වැඩිවෙයි.

Maimoonar

11 comments

Comments are closed.