29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

යාපනය නගර සභා පොලිස් ඒකක නිල ඇඳුම කොටි පොලිස් නිල ඇඳුමට සමානයි…

යාපනය නගරයේ පිරිසිදු බාවය ආරක්ෂා කරගැනීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් නගරසභා ආරක්ෂණ පොලිස් බලකායක් ආරම්භ කල බවට යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පවසා සිටියි.

කෙසේ වෙතත් අදාල මහනගරසභා පොලිස් ඒකකය පිහිටුවීම සම්බන්ධයෙන් සහ අදාල ඒකකයේ කාර්යභාරය පිලිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නගරසභා නිලධාරීන්ට යාපනය පොලීසියට පැමිණෙන ලෙසටද දැනුම් දී ඇත.

එමෙන්ම පස් දෙනෙකුගෙන් යුත් නගරසභා පොලිස් ඒකකයේ නිලඇඳුම යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධායට අයත් පොලිස් නිලධාරීන් විසින් භාවිතා කරන ලද නිලඇඳුමට සමාන කමක් ඇති බවටද යාපනයේ ජනතාව පවසයි.

අදාල පොලිස් ඒකකය පිහිටුවීම සම්බන්ධයෙන් යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පවසා සිටියේ යාපනය නගරයේ ප්‍රධාන වීදි අපවිත්‍ර කරන්නන්ට එරෙහිව නීතිමය පියවර සහ දඩ මුදලක්ද නියම කිරීමට සූදානමක් ඇති බවටත් එහිදී මාර්ගයේ බුලත් විට කෙල ගසන්නන්, විවිධ අයුරින් මාර්ගයන් අපවිත්‍ර කරන්නන් ,සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හා පොදු ස්ථාන වල අනවසරයෙන් වාහන නැවත්වීම් වැනි කරුණු වෙනුවෙන් රුපියල් 1000 සිට රුපියල් 5000 ක් දක්වා දඩ මුදලක් නියම කිරීමේ සුදානමක් පවතින බවටය.

එමගින් යාපනය දිස්ත්‍රීක්කයේ පවතින කොරෝනා අවධානම මැඩපැවත්වීමත් නගරය පිරිසිදුව තබාගැනීමටද හැකිවන බවට යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවනන් මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

අත්යන්ත්‍ර සහ බතික් රෙදි ආනයනය තහනම්.. සියල්ල දේශීයව නිපදවයි..- ජනපති තීන්දු කරයි..

Maimoonar

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේ මට වකුගඩුවක් බද්ද කරන්නයි.. වරදක් නම් මා එල්ලා මරන්න..

Maimoonar

උෂ්ණත්වය අධික ලෙස ඉහලට.. දිස්ත‍්‍රික්ක කිහිපයක Heat Index අනතුරුදායක සීමාව ආසන්නයේ..

Maimoonar

1 comment

Comments are closed.