29.7 C
Colombo
August 12, 2026
NewsSportsSports News

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ කොදෙව් සංචාරය තාවකාලිකව අත්හිටුවයි

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ලහිරු තිරිමාන්න කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වීම හේතුවෙන්. 

කොදෙව් තරග සංචාරය සදහා නම් කෙරුණු ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතයට අයත් ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සදහා ඉකුත්දා  සිදු කළ පී සී ආර් පරීක්ෂණයේ දී ඔවුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මෙම  තත්ත්වයත් සමග පුහුණු සංචිතයේ ක්‍රීඩකයින් සදහා ඊයේ සහ අද පැවැත්වීමට නියමිතව තිබූ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයද කල් දැමීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ.

අදාළ ක්‍රීඩකයින් 36 දෙනා කණ්ඩායම් 3ක් වශයෙන් වෙන් වෙන්ව පුහුණුවීම් කටයුතු ආරම්භ කළේ ඉකුත් 28 වනදා සිටයි. ශ්‍රී ලංකා පිළේ කොදෙව් තරග සංචාරය ලබන 20 වනදා ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබුණේ. කෙසේ වෙතත් පවතින තත්වය හමුවේ කොදෙව් තරග සංචාරය තාවකාලිකව අත්හිටුවීමටත් සංශෝදිත කාලසටහනක් යටතේ ඉදිරියේදී එම තරඟ සංචාරය පැවැත්වීමටත් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පැවසුවා. මෙම තරග සංචාරයේදී දෙරට අතර එක්දින තරග 3ක්, පන්දුවාර විස්ස තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Related posts

ආනයනය කරන වාහන මිල 300%කින් ඉහලට..

Maimoonar

වගා පෙරළියකට ජනපති සූදානම් වෙයි

Maimoonar

අලුත් පක්‍ෂයක් හදනවාලු.. එතකොට පොහොට්ටුවට අවාසියි..- ජනපති හමුවී බැසිල් කියයි..

Maimoonar

895 comments

Comments are closed.