27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

අංගොඩ ලොක්කා හඳුනා ගන්න ළඟම ඥාතියාගෙන් DNA සාම්පල්

අංගොඩ ලොක්කාගේ මරණය සනාථ කර ගැනීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒකකය විසින් ඔහුගේ ළඟම ඥාතියකුගේ ඩී.එන්.ඒ සාම්පලයක් දෙන ලෙස ශ්‍රී ලංකාවෙන් කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ ළඟම ඥාතියකුගේ රුධිර සාම්පල ගැනීම සඳහා අධිකරණ නියෝග ගැනීමට කටයුතු කරමින් පවතී.

ශ්‍රී ලංකාව තුළ අපරාධ කර විදේශ රටවලට පලා ගිය පුද්ගලයන් නැවත ගෙන්වා ගැනීමට ඔවුන්ට රතු නිවේදන නිකුත් කිරීමේ මෙහෙයුම් නිරන්තරයෙන් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට රතු නිවේදන 129ක් නිල් නිවේදන 87ක් ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර ඇත.

එසේ නිවේදන නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වැරදි කර අත්අඩංගුවට ගැනීමට සිටින පුද්ගලයන් සඳහායි. මේ අතර අංගොඩ ලොක්කා හෙවත් මද්දුම ලසන්ත චන්දන පෙරේරා නැමැත්තාට එරෙහිව ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පලා යෑමක් සම්බන්ධයෙන් රතු නිවේදනයක් ගෙන තිබුණි.

අංගොඩ ලොක්කා විසින් කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මොහු ඉන්දියාවට පලා ගොස් තිබුණි.

අංගොඩ ලොක්කා පසුගිය වසරේ අගෝස්තු මස ඉන්දියාවේ කොයිම්බර්තූර් ප්‍රදේශයේදී මිය ගිය බවට පොලිසියට වාර්තා වී තිබුණි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් විසින් සනාථ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති තවත් කෝප ගන්වයි.. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කැදවයි..

Maimoonar

අනතුරු අඩු කරන්න බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට කියාදෙයි…

Maimoonar

IMF කොන්දේසි ඉවත්කර නව අයවැයක් ගේන්න! – ‘බැරිනම් විපක්ෂයට බාරදෙන්න’ යැයි සජිත් රජයට අභියෝග කරයි

Maimoonar

3 comments

Comments are closed.