29.5 C
Colombo
October 1, 2026
International NewsNews

චීනයේ නව වෙරලාරක්ෂක පිළිවෙතට ඉන්දුනීසියාවේ විරෝධය

චීනය, දකුණු චීන මුහුද ආශ්‍රිතව සිය සීමා පුලුල් කරමින් දැඩ් ප්‍රතිචාර දැක්වීමේ පිලිවෙතක් ඔස්සේ වෙරලාරක්ෂක කටයුතුවල⁣ නිරතවීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ දැඩි අවධානය සහ විරෝධය පළව ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, චීනයේ මෙම ක්‍රියාවලිය නටූනා දූපත් ආශ්‍රිතව පවතින සාගර ජල මට්ටම ඉහළ යාමෙි අර්බුදය උග්‍ර කරවීමටද හේතු වනු ඇති බවයි.

මේ හේතුවෙන් දෙරට අතර දරැණු සාගර දේශසීමා අර්බුදයක් පවා ඇතිවිය හැකි බවට  ඉන්දුනීසියානු වෙරලාරක්ෂක ඒජන්සියේ ප්‍රධානී වයිස් අද්මිරාල් ඈන් කුර්නියා අනතුරැ අගවා තිබේ.

දකුණු චීන මුහුදේ පවතින දූපත් ස්වභාවය හේතුවෙන් එහි සමුද්‍රදේශ සිමා සම්බන්ධයෙන් විවිධ අර්බුද පවතින අතර ඒ තුළ පොදු අන්තර්ජාතික නාවික කලාපද පිහිටා තිබීම හේතුවෙන් මෙම අර්බුද තවත් උග්‍රවී ඇත.

විශේෂයෙන් ඇමරිකාව , ඇතුලු බටහිර රටවල යුද නෞකා මෙම කලාප ඔස්සේ යාත්‍රා කිරීමත් වෙනත් කලාපීය රටවල් සමග එක්ව මෙහි යුද අභ්‍යාසවල නිරතවීමත් චීනයේ කෝපයට හේතුවී ඇති අතර ඔවුන් ඊට එරෙහිව යුද  යාත්‍රා  වැඩි වශයෙන් කලාපයට යොමු කරමින් ප්‍රතිචාර දැක්වීමෙි පිළිවෙතකට අවතීර්ණ වී සිටියි.

චීනයේ මෙම පිළිවෙත හේතුවෙන් තම රටට අනවශ්‍ය ගැටුම්වලට මැදිහත්වීමටත්, දූපත් සාගර ජලයෙන්  යටවීමේ අවදානමට මුහුණ දීමට සිදුවනු ඇති බවටත් ඉන්දුනීසියාවේ මතය වී තිබේ.

Related posts

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..

Maimoonar

ගෑස් මිල යලි ඉහලට..?

Maimoonar

මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…

Maimoonar

1 comment

Comments are closed.