28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ගාල්ලේ පාසල් 26ක දරුවන් 43 දෙනෙකුට කොරෝනා

නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 26ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 43 දෙනෙකුට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

මේ අතුරින්  ජනවාරි 13 සිට 26 දක්වා ගතවු දින 14 ක කාලය තුල පාසල් දරු දැරියන් 38 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවද ඒ මහතා පවසයි.  වැඩිම කොරෝනා ආසාදිත සිසු දරු දැරියන් පිරිසක් වාර්තාවන්නේ  බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බව සදහන් කළ ඒ මහතා  එම සංඛ්‍යාව 17ක් බවද හෙතෙම පෙන්වා දෙයි. එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පාසල් 05කින් මෙම ආසාදිත දරු දැරියන් වාර්තා වී ඇත. ගිංතොට  ප්‍රදේශයේ පාසලක සිසු දරු දැරියන් 12 නෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවද හෙතෙම පවසයි.   ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදනය වී ඇති  මෙකි සිසු දරු දැරියන්ගේ මව හා පියා ආසාදනය වීම නිසා දරුවන් පළමුපෙළ ආශ්‍රිතයින් වු අය බව පවසන ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා  මෙම දරු දැරියන් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටි  අය බවද පෙන්වා දෙයි.

බලපිටිය සෞඛය වෛද්‍ය නිලධාරි කොට්ඨායෙන්  පාසල් දරු දැරියන් 04දෙනෙකු, අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 01 අයෙකු,  බොපේ පොද්දලින් 17නෙකු, බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 01 අයෙකු, හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්  03නෙකු, හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 02නෙකු  ඉමදුව හා කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ දෙකෙන් සිසු දරු දැරියන් 01 බැගින් වාර්තා වි ඇත.  ගාල්ල මහනගර සභා බලප්‍රදේශයෙන්  05 දෙනෙකු, නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්  04 දෙනෙකු,  රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්  02දෙනෙකු සහ  උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්  02දෙනෙකු වාර්තා වී ඇත. ගාල්ල නගරයේ පිහිටි බාලිකා පාසලක ගුරුවරියකටද කොරෝනා ආසාදනය වී ඇති අතර කොරෝනා ආසාදිත සිසු දරු දැරියන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස සිසු දරුවන් 38 දෙනෙකු හා ගුරුවරුන් 13 දෙනෙකු හදුනාගෙන ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි

noizetv

Related posts

නිල ඡන්ද පත්‍රිකා ජන්ද දායකායන් වෙත බෙදා හරී…

Maimoonar

නව ජනාධිපති පත් කිරීම ගැන පොහොට්ටුවේ නිල මතය මෙන්න…

Maimoonar

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් කොන්දොස්තරවරියන් බඳවා ගනී

Maimoonar