28.3 C
Colombo
August 12, 2026
BusinessBusiness NewsLocal NewsNews

ත්‍රීරෝද රථ සේවාව විධිමත් කිරීමට නව දේශීය ජංගම දුරකථන යෙදුමක්

ඉදිරි මාස හයක කාලය ඇතුළත ත්‍රීරෝද රථ සේවාව විධිමත් කිරීම වෙනුවෙන් ලංකාවටම ආවේණික වූ නව ජංගම දුරකථන යෙදුමක් (App) හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. විදේශීය යෙදුම් මත යැපීම නතර කර දේශීය පද්ධතියක් ගොඩනැගීම හරහා වසරක් ඇතුළත ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇති කිරීම රජයේ අරමුණයි.

මෙම නව යෙදුම හරහා පාසල් දරුවන් ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථ නිරීක්ෂණය කිරීමේ (Tracking) පහසුකම මවුපියන්ට ලබා දීම විශේෂත්වයකි. තම දරුවා ආරක්ෂිතව පාසලට රැගෙන ගියේද යන්න මවුපියන්ට සජීවීව දැකගත හැකි වන පරිදි මෙම පද්ධතිය සකස් කෙරේ. මීට අමතරව නගර මධ්‍යයේ පිහිටි ත්‍රීරෝද රථ ගාල් මගීන්ට සහ රියදුරන්ට පහසුකම් සහිත ගුණාත්මක ස්ථාන බවට පත් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ග්‍රාමීය ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම වෙනුවෙන් ද අමාත්‍යවරයා විශේෂ කරුණු අනාවරණය කළේය. ලංකාව පුරා පිහිටි අලාභ ලබන බස් මාර්ග පවත්වාගෙන යාම සඳහා රුපියල් මිලියන 2000ක සහනාධාර මුදලක් වෙන් කර ඇත. යම් බස් රථයක දෛනික වියදමට සාපේක්ෂව ආදායම අඩු වන්නේ නම්, එම හිඟ මුදල රජය මගින් අදාළ ඩිපෝවට ලබා දීමට පියවර ගැනේ. තමන්ගේ ප්‍රදේශවල මෙවැනි අලාභ ලබන නමුත් ජනතාවට අත්‍යවශ්‍ය බස් මාර්ග පවතී නම් ඒ පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා ප්‍රාදේශීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

Related posts

භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..

Maimoonar

වාහන ටිකක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ..

Maimoonar

විදුලි මහා අවුලක.. කපන පැය ගණන නොව නොකපන පැය ගණන තීරණය කරන්න වෙයි…

Maimoonar