28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

ඉන්දියාව වැඩිපුර ප‍්‍රතිඅපනයන කරන නිසා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ඔ්න කියන්නෙ මෝඩ තර්කයක්..- විමල්

ඉන්දියාවෙන් වැඩිපුර කන්ටේනර ප්‍රතිඅපනය සදහා එන්නේ යයි කියා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම හෝ දෙන්න වෙනවා යැයි කීම මෝඩ තර්කයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

කොළඹ වරාය බදු වරායත් සදා ගැනීමට ඉන්දියාවට පුළුවන්කමක් තිබුනේ නම් ඔවුන් එය දැනටමත් කර අවසන් බවත් පවසන අමාත්‍යවරයා ප‍්‍රති අපනයනයට කොළඹ වරාය භාවිතා කිරීමට ඉන්දියාවට සිදුව ඇත්තේ කොළඹ වරායේ විශේෂත්වය නිසා බවද ඔහුගේ අදහසයි.

එනිසා ප‍්‍රතිඅපනයන බහුතරය ඉන්දියාවට කරන බව සඳහන් කරමින් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමත් සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම මෝඩ තර්කයක් බව ඇමතිවරයා කියා සිටී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් කැබිනට් පත්‍රිකාව මෙතෙක් කැබිනට් මණ්ඩලය ඉදිරිපත් වී නැතැයිද පැවසූ ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් වූ පසු අධ්‍යනය කර බලා අදහස පළ කරන බවද කියා සිටියේය.

lankacnews

Related posts

අතීතයට දොස් එපා.. රට ගොඩනැගීමට සුදානම්.. මා රට බාර ගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව දැනගෙනයි..

Maimoonar

අපි රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව කැමති නෑ…- GL

Maimoonar

රූ රැජින කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා පොලිසි යයි.. මාධ්‍ය හමුවක් කැදවයි..

Maimoonar

40 comments

Comments are closed.