29.7 C
Colombo
August 9, 2026
BusinessBusiness NewsNews

විදුලිය බෙදා හැරීමට දෙන ජපන් ආධාර නවත්වයි -අපිට පාඩුවක් නැහැ – ඩලස් කියයි

රජය විසින් කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (CRT) අවලංගු කිරීමත් සමග ජපානය මගින් ‘මහ කොළඹ විදුලි සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පාඩු අවම කිරීමේ ව්‍යාපෘතියේ’ දෙවැනි අදියර වෙනුවෙන් ලබාදෙන අරමුදල් අත්හිටුවා ඇත.

මේ හේතුවෙන් ඉදිරි වසර කිහිපය ඇතුළත රටේ දැඩි විදුළි හිඟයක් ඇතිවීමේ ඉඩකඩක් පවතින බව විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

බලාගාරවල ජනනය කෙරෙන විදුලිය සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙලෙස විදුලි හිඟයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දිනෙන් දින ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීමේ අරමුණින් අලුතින් බලාගාර ඉදිකළද, හදිසි මිලදී ගැනීම් සිදුකළද, අමතර විදුලි බලයක් සම්ප්‍රේෂණය කිරීමට පවතින සම්ප්‍රේෂණ මාර්ගවල ධාරිතාව ප්‍රමාණවත් නොවේ. සම්ප්‍රේෂණ ධාරිතාව ඉහළ නැංවීම සඳහා මහ කොළඹ සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පාඩු අවම කිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ජපාන ආධාර යටතේ ආරම්භ කෙරුණු අතර එය ‘අනුමැතීන් ලබා ක්‍රියාත්මක කිරීමේ අදියරේ’ පැවතිණි.

මේ පිළිබඳව විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුමගෙන් කළ විමසීමකදී ජපාන ආධාර අත්හිටුවීම තහවුරු කරන ලද නමුත්, ප්‍රමාදයකින් තොරව අදාළ සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බව ප්‍රකාශ කළේය.

‘‘කෙරවළපිටියේ පළවෙනි එල්එන්ජී බලාගාරයේ සම්ප්‍රේෂණ පද්ධතිය අපි සංවිධානය කරලා ඉවරයි. දෙවැනි බලාගාරයේ සම්ප්‍රේෂණ පද්ධතිය වෙනුවෙන් තමයි ජපාන ආධාර දෙන්න බැහැ කියලා තියෙන්නේ. බැහැයි ඒකෙන් අපිට හානියක් වෙන්නේ නැහැ. මොකද දෙවැනි බලාගාරයට තවම අපි ටෙන්ඩර් කැඳවීමක් කරලා නැහැ. දෙවැනි බලාගාරයේ සම්ප්‍රේෂණ පද්ධතියට අදාළව ජපාන ආධාර වෙනුවට වෙනත් මූලාශ්‍රයක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කෙරවළපිටිය දෙවැනි බලාගාරය හැදෙන කාලෙ වෙනකොට බාධාවකින් තොරව සම්ප්‍රේෂණ පද්ධතියක් ස්ථාපනය කරන්න අපිට පුළුවන්.’’

Related posts

අත්‍යවශ්‍ය කරුණකට පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන්න

Maimoonar

මහ මැතිවරණය කැදවනවා.. රනිල්ට තියෙන්නේ උපරිම ඡන්ද ලක්‍ෂ තුනයි..

Maimoonar

එළවළු තොඟ අද සිට රජය විසින් මිළදී ගැනිමට තීරණයක්

Maimoonar

1 comment

Comments are closed.