31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

බැඳුම්කර හොරකම : අර්ජුන් ඇලෝෂියස්ට සහ රවී කරුණානායකට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා

හිටපු  අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ අද අධිචෝදනා ගොනු කරණු ලැබුවා.

ඒ, අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්‍ෂ ධූරය දරන සමාගමක් නිකුත් කළ මුදල්වලින් රවී කරුණානායක නිවසක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

2016 පෙබරවාරි 12 සිට 2016 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් තුටුපඬුරක් අයැදීම සම්බන්ධයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබෙනවා.

අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දැරූ සමාගම විසින් නිකුත් කරන ලද චෙක්පත් උපයෝගී කරගනිමින් චූදිත රවී කරුණානායක විසින් කොලූපිටියේ නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 11.68 කට මහල් නිවාසයක් මිලදී ගෙන තිබුණා.

මෙම වරදට  ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් දෙවන චූදිත වන අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව ද අල්ලස් කොමිෂන් සභාව  චෝදනා එල්ල කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

තවත් ආසාදිතයින් 15ක් සමඟ සමස්ත කොරෝනා රෝගීන් ගණන 435ක් දක්වා ඉහළට

Maimoonar

කුරුණෑගල නගරාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්න : නීතිපතිගෙන් උපදෙස්

Maimoonar

ඩිංගි බෝට්ටුවක තිබී කේරළ ගංජා කිලෝ 133 ක් නාවික හමුදා බාරයට

Maimoonar

5 comments

Comments are closed.