27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

ප‍්‍රාථමික ශ්‍රේණිවල සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වනවා

ජනවාරි 11 වැනිදා පාසල් ඇරඹීමේ ආරම්භයක් වශයෙන් එක වසර සිට පහ වසර දක්වා ප‍්‍රාථමික ශ්‍රේණිවල දරුවන් කොටස් වශයෙන් පන්තිවලට ගෙන්වීමේ වැඩපිළිවෙළක් යෝජනා කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

ප‍්‍රාථමික පන්තිවල සිසුන්ගෙන් එක් කොටසක් සඳුදා, බදාදා හා සිකුරාදා දිනවලත්, අනෙක් කොටස අඟහරුවාදා හා බ‍්‍රහස්පතින්දා දිනවලත් පාසලට ගෙන්වීමට යෝජනා කෙරෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

සමාජ දුරස්ථ භාවයට යටත්ව එම සිසු දරුවන්ට ප‍්‍රවාහන පහසුකම් ලබාදීමට මෙම වැඩපිළිවෙළ වඩා පහසුවක් වනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම හුදෙකලා කෙරෙන ප‍්‍රදේශවල විවෘත කිරීමට නොහැකි පාසල්වල සිසුන්ට තාවකාලික විසඳුමක් ලෙස හැකිතාක් නිවස ආසන්නයේම විවෘත කෙරෙන පාසල්වලින් අධ්‍යාපන ලැබීම සඳහා යොමුකිරීමට උත්සාහ දරන බවත් හෙතෙම පැවසීය.

gossiplankanews

Related posts

රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..

Maimoonar

අවුරුදු 19-25 වයස් කාණ්ඩයේ තරුණයින් අතර HIV ආසාදනයේ වීමේ වර්ධනයක් : පුද්ගලයින් 1600ක් ආසාදිතයින් බව නොදැන සමාජයේ සිටින බවට අනතුරු අඟවයි

Maimoonar

ශ‍්‍රී ලංකාව බංකොලොත් වෙමින්ද..- විදෙස් මාධ්‍ය අසයි…# එවන් අවදානමක් තිබෙනවා..- සජිත් කියයි..

Maimoonar

1 comment

Comments are closed.