30.4 C
Colombo
October 8, 2026
BusinessBusiness NewsNews

දෙන්නේ ගෑස් ඉල්ලුමෙන් 30%යි… අලෙවි නියෝජිතයන් අමාරුවේ..

හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශවලට දින පහකට ආසන්න කාලයක් ගැස් සමාගම් විසින් ගෘහස්ථ ගැස් බෙදා හැරිම සිදු නොකර (03) දිනයේ ඉතා සිමිත ගෘහස්ථ ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් ලබාදිම හමුවේ තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියි.

ලිට්‍රෝ ගැස් සමාගම විසින් දින පහකට පසු (03) දින අලෙවි නියෝජිතයාගේ ඉල්ලුමෙන් 30% පමණ ප්‍රමාණයක් ගැස් තොග ලබාදිම නිසා එම ප්‍රමාණය පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම හමුවේ තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බවයි හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියේ.

ඇතැම් ගැස් අලෙවි නියොජිතයන් තමන්ට (03) දින ලබාදුන් ගැස් තොග ප්‍රමාණවත් නොවිම නිසා අලෙවිසැල් වසා දමා ගැස් නොමැති බවට සදහන් කර දැන්විමක්ද අලෙවිසැල් ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබුණි.

(04) දිනට යෙදෙන දිපාවලි උත්සව සමයේ ගැස් නොමැති විමෙන් ප්‍රදේශයේ හින්දු ජනතාව මෙන්ම හැටන් නගරයේ ආපනශාලා හිමියන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

එජාපයට එන පිරිස ගැන නවීන් කියයි.. මල්ලිත් කැරකෙනවාලු..

Maimoonar

නිවාස ව්‍යාපෘතියක අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීම්

Maimoonar

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි

Maimoonar

1 comment

Comments are closed.