28.9 C
Colombo
September 10, 2026
International NewsNews

ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොවිඩ්19 වෛරසය වැළඳිලා-ලෝක සෞඛ්‍යය සංවිධානය

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක මණ්ඩලය අමතමින් සංවිධානයේ ඉහළම විශේෂඥයෙකු වන මයිකල් රයන් මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ ලෝක ජනගහනයෙන් 10%කට කොවිඩ්19 වෛරසය වැළැඳී ඇති බවයි.

රයන් මහතාට අනුව ගිනිකොන දිග ආසියාවේ සමහර ප්‍රදේශවල සහ නැගෙනහිර මධ්‍යයධරණී කලාපයේ සමහර ප්‍රදේශ වල ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

තවද මයිකල් රයන් මහතා විධායක මණ්ඩලය අමතමින් චෝදනාත්මක ස්වරයෙන් පවසා සිටියේ චීනය සහ අමෙරිකාව නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වී ඇති බවයි.

“ලෝකය දුෂ්කර අවධියකට පියමනිමින් සිටී.වෛරස ආසාදනය දිගින් දිගටම පැතිරෙමින් පවතී.” යනුවෙන් ඔහු විධායක මණ්ඩලයට අවධාරණය කර සිටියේය.

lanka lead news

Related posts

ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලිය උපරිමයෙන්..

Maimoonar

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 24ක් කරනවා.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..

Maimoonar

හොද්දට දාපු කරපිංචා කෑල්ලක් වගේ ජයරුවන් වෛද්‍යවරයා තනතුරින් පහ කළා – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් චෝදනා

Maimoonar

5 comments

Comments are closed.