29.5 C
Colombo
August 20, 2026
NewsPolitical

ඡන්ද ප‍්‍රතිඵලය ජනතාව පෙට්ටියට දැමූ ඒවා තමයි.. පෙට්ටි මාරු කරලත් නෑ.. ජිල්මාට් නෑ.. පාර්ලිමේන්තුවෙන් එලියේ සටන් කරනවා..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵල ලෙස නිකුත් වූයේ ජනතාව විසින් ඡන්ද පෙට්ටියට දැමූ ඡන්ද මිස අන් යමක් නොවන බව තමන් විශ්වාස කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඡන්ද පෙට්ටි මාරු කිරීමක් හෝ වෙනත් ජිල්මාට් ගැන හෝ කියන තරම් තත්ත්වයට තමන් පත් නොවන බවද ඔහු පැවසීය.

ජනතාව තම දේශපාලන ව්‍යාපාරය ගැන දක්වන කැමැත්ත මෙය බව පිළිගන්නා බවද ඔහු සඳහන් කළේය.

ජවිපෙ නායකයා මේ බව කියා සිටියේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

විපක්ෂයේ කාර්ය ඉටු කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් නොව ඉන් පිටතදී වුවද එය වඩා හොඳින් ඉටු කළ හැකි බවද පැවසූ ඔහු ඒ අනුව තම වගකීම ජනතාව වෙනුවෙන් ඉදිරියේදීද ඉටුකරන බව සඳහන් කළේය.

ජනතාවගේ කැමැත්ත පිළිගන්නා බවත් පීඩාවට අසරණභාවයට පත් ජනතාව වෙනුවෙන් වන තම අරගලය පාර්ලිමේන්තුවට පිටත සිට හෝ කරන්නට සූදානම් බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඇඳිරි නීතිය කඩකළ පිරිස 5185 දක්වා ඉහළට

Maimoonar

පඩු කරද ගහ කැපුවේ කැබිනට් අනුමැතියෙන්.. හිලවුවට දෙසීයක් හිටවනවා…

Maimoonar

සවුදි ජාතිකයින්ට මෙරටින් ඉවත්වන්නැයි උපදෙස්

Maimoonar

81 comments

Comments are closed.