27.2 C
Colombo
September 10, 2026
International NewsNews

ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 90000 කට කොරෝනා වැළඳී ඇතැයි තක්සේරුවක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ලොව පුරා සෞඛ්‍ය සේවයකයින් අනූ දහසකට පමණ වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛරස ව්‍යාප්තියෙන් සිදුවූ ගෝලීය මරණ ගණන දෙලක්ෂ හැටතුන්දහස් එකසිය හතලිස් හයක් ලෙසින් දැක්වෙද්දී ආසාදිතයින් ගණන මිලියන 3.7ක් ලෙස සටහන්ව තිබුණි.

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය පාලනය සඳහා ගෝලීය රටවල් අසමත්වීම හේතුවෙන් මේ වනවිට රටවල් 30ක සෞඛ්‍ය අංශ සේවයකින් එම වෛරසයට ගොඳුරුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජාත්‍යන්තර හෙද කවුන්සිලය උපුටා දක්වන එම වාර්තා පෙන්වා දෙන්නේ, ඉන් හෙදියන් 260දෙනෙකු දැනට මියගොස් ඇති බවයි.

සෞඛ්‍ය සේවකයින් මුහුණදී ඇති තත්ත්වය බොහෝ රටවල් අවතක්සේරු කරන බවත්, ආසාදිත සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව ගණනන කරගැනීමට ඔවුන් අපොහොසත්වී ඇති බවත් එම කවුන්සිලය වැඩිදුරටත් චෝදනා කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වේදිකාවේ කුණු බැනුම් නිසා කලකිරේ.. මහ බැංකු ලොක්කෙක් තීන්දුවක් ගනී..

Maimoonar

ගුරුවරු අද ලෙඩ වෙයි

Maimoonar

පොලිස්පති පුටුව දේශපාලන බලෙන් ගන්න බෑ.. මගෙ යකා අවුස්සගන්න එපා..- පොලිස්පති DIG කෙනෙකුට ප‍්‍රසිද්ධියේ කියයි..

Maimoonar

776 comments

Comments are closed.