27.6 C
Colombo
August 14, 2026
Local NewsNews

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ජුනි මස 20 වනදා දක්වා කල් දැමීමට ගෙන ඇති තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි ප්‍රධාන විධායක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස  නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සාමාජිකයන්, ජනාධිපති ලේකම්  ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හල දිනයේ සිට මාස තුනක් ඇතුළත මැතිවරණය පවත්වා ඊළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට විධිවිධාන සලසා ඇති බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් නිකුත් පාර්ලිමේන්තුව මාර්තු මස 2 වනදා විසුරුවා හළ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිපාදනවලට අනුව ඊළඟ නව පාර්ලිමේන්තුව ජුනි මස දෙවනදා ට පෙර රැස්වීය යුතු බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

එහෙත් මාර්තු මස දෙවන දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් වර්තමානයේ කොරෝනා වසංගතය දීප ව්‍යාප්ත මට්ටමින් පැතිරගොස් ඇති හෙයින් මහ මැතිවරණයක් පවත්වනු ලැබුවොත් මහජනයාට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය උල්ලංඝනය වන බව ද පෙන්වා දෙයි.

ඒ අනුව පාර්ලිමේන්තු මහා මැතිවරණය මේ මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් ගෙන ඇති තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට එරෙහිව විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගෙන් මිලියන 400ක එන්තරවාසි

Maimoonar

යොවුන් ක්‍රිකට් කුසලානයේදි ඇෆ්ගනිස්ථානයෙන් පෙරළිකාර ජයක්

Maimoonar

පාපැදියේ මිලෙන් ඇස් උඩ ගිය ධර්මරත්නගෙන් හැමෝටම පණිවුඩයක්..

Maimoonar

77 comments

Comments are closed.