32.2 C
Colombo
October 1, 2026
LIFE NEWSLocal News

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අදයි

සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද(13) උදාවෙයි.

එසේවුවද කොඩිඩ් 19 වෛරසය පාලනය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වෙමින් සමරන ලෙස රජය ඉල්ලා සිටියි.

ඒ අනුව මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව අද අපරභාග 8.23ට සිංහල දෙමල අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය අද අපරභාග එක පසු වී විනාඩි 59 සිට පසුදින අලුයම 2.47 දක්වා ක්‍රියාත්මක බැවින් හෙට අපරභාග 1.59ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන්.

ආහාර පිසීම නැකත යෙදී ඇති අද දින අපරාභාග 10.05ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරි මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙළ කර ගැනීම මැනවි.

අද අපරභාග 10.43ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු වෙයි.

හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 15 වැනිදාට යෙදී තිබේ.

එදින පූර්වභාග 09.17ට යෙදෙන නැකතින් නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත් ද පයට කොළොන්පත් ද තබා හරිත වරණ වස්ත්‍රයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කළ යුතුයි.

කෙසේවෙතත් දිවයින තුළ පවත්නා පීඩාකාරී තත්ත්වය හේතුවෙන් නැකැත් චාරිත්‍ර තමාට හැකි පරිදි තම නිවසේ සාමාජිකයින් සමඟ සිදුකිරීමට පියවර ගන්නා ලෙස බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයද ඉල්ලීමක් කර තිබේ.

මෙම වාතාවරණය තුළ වෙනදා දකින්නට ලැබෙන අලුත් අවුරුදු සූදානම මෙවර දකින්නට ලැබුණේ නැහැ.


(under the courtesy of adaderana.lk news web)

Related posts

කටුකුරුන්ද පාර අයිනේ පුද්ගලයෙක් මිය යයි.. කොරෝනා යයි සැකයෙන් ප‍්‍රදේශය නොසන්සුන්..

Maimoonar

කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කෙරේ

Maimoonar

අපේ‍්‍රල් 20 වනවිට කොරෝනා දෙවැනි නැගිටීමක්.. මාසයක් නීති දැඩි කරන්න.. මාස 06ක් මේ විදිහට කරන්න..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයට දන්වයි..

Maimoonar

670 comments

Comments are closed.