29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

05 කට කොරෝනා.. පීපල්ස් ලීසිං වසා දමයි..

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන මුල්‍ය රක්ෂණ ආයතනයක ශාඛාවක පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම මුල්‍ය රක්ෂණ ආයතන ශාඛාව තාවකාලිකව (10) දින වසා දමා එම අසාදිතයන් පස් දෙනාගේ ළගම ආශ්‍රිතයන් 50 දෙනෙකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කල බව පස්බාගේ කෝරලේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂක එන්.එස්.කේ.වික්‍රමගේ මහතා පැවසිය.

අසාදිතයන් නාවලපිටිය , කැටබුලාව , රඹුක්පිටිය , වැලිගම්පල , කොල පතන  යන ප්‍රදේශවල පදංචිකරුවන් බවත්, එම අසාදිතයන් පස්දෙනාගෙන් එක් අසාදිතයෙක් නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානයකට ප්‍රතිකාර ලබා ගැනිමට ගොස් ඇති නිසා එම වෛද්‍යය මද්‍යස්ථානය පවත්වාගෙන ගිය වෛද්‍යයවරයා සහ එම කාර්යය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කර එම වෛද්‍යය මධ්‍යස්ථානයද තාවකාලිකව වසා දැමු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් පස් දෙනාගෙන් දෙදෙනෙකු දින කිහිපයකට ප්‍රථම නාවලපිටිය නගරයේ ආසන්නයේ පිහිටි උත්සව ශාලාවක පැවති විවහ මංගල උත්සවයකට සහභාගි වි ඇති බවටද තහවුරු වි ඇති බවත් , එම ආශ්‍රිතයන්ද සොයා මෙහෙයුමක් දියත් කර ඇති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

එම මුල්‍යය රක්ෂණ ශාඛාවේ සේවකයන් 20 දෙනෙකුගෙන් සමන්විත බවත් , එම මුල්‍යය රක්ෂණ ශාඛාව අයත් ආයතනය මගින් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

Related posts

කොස්, දෙල්, මඤ්ඤොක්කා මිල ඉහලට…

Maimoonar

ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගණුදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි.. රටෙන් කොල්ල කෑ ධනය ලබා දිය යුතුයි..- චම්පිකගෙන් නාමල්ට පණිවුඩයක්…

Maimoonar

ෆවුසි ඉවතට.. මෛත‍්‍රී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරයි.. ප‍්‍රබල ඇමතිකමක්ද සූදානම්..

Maimoonar

69 comments

Comments are closed.