28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

විශ්‍රාමික හැඳුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍රය අවභාවිතා කළොත් දැඩි ක්‍රියාමාර්ග

විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා ගමන් කිරීමේ දී තම හැඳුනුම්පත හෝ වෙනත් ලියවිල්ලක් ඇදිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.  

එහෙත් එය කිසිවිටකත් වෙනත් අවශ්‍යතා සදහා අවභාවිත නොකළ යුතු බව ඔහු අවධාරණය කරයි.

විශ්‍රාමිකහැඳුනුම්පත මෙන්ම ඇදිරි නීති බලපත්‍ර අවභාවිතකරමින් වෙනත් කාර්යයන්හි නිරත වන බවට තොරතුරු වාර්තා වී ඇති බව ද අජිත් රෝහණ මහතා පවසයි.

එවැනි ක්‍රියාවන්හි නිරත වන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පවසයි.

මේ අතර නිවෙස්වල වෙනත් රෝගී තත්ත්වයන්ට ලක් වූපුද්ගලයින් රෝහල් වෙත ගෙනයාමට ඇතැම් පිරිස් බියක් දක්වන බවට ද වාර්තා පල වන බව පෙන්වාදෙන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ හදිසි රෝගී තත්ත්වයක් ඇතිපුද්ගලයින් ඕනෑම වාහනයකින් රෝහල් වෙත රැගෙන යාමට අවසරය ඇති බවයි. ‍

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝනා වසංගතයට නබි තුමාගේ දේශනාව අනුව වැඩ කරන්නැයි අකුරණ ජනතාවට දන්වයි..

Maimoonar

ෂාෆ්ටර් ඝාතනය කණපිට පෙරලේ.. ගෙල සිරකල වයර් කැබලි නිවසින් හමුවේ…

Maimoonar

පාර්ලිමේන්තුවේ බොරු කීමේ වරප‍්‍රසාදය අහෝසි කරන්න යෝජනාවක්…

Maimoonar

6 comments

Comments are closed.