28.9 C
Colombo
September 10, 2026
International NewsNews

කොරෝනා නිසා ඉතාලියෙ මිය ගිය සංඛ්‍යාව 12428ක්

නැවතත් ඊයේ (31) දිනයේදීත් ඉතාලියෙන් 837ක් තරම් ඉහළ මරණ ගණනක් වාර්තා වූ අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 12,428ක්.

කෙසේනමුත් ඊයේ දිනයේදී එරටින් වාර්තාවී ඇත්තේ ආසාදිතයින් 4,053ක් පමනක් වන අතර, එය සැලකෙන්නේ දින 13කින් එරට වාර්තා වූ අවම ආසාදිතයින් ගණන ලෙසයි.

එමෙන්ම ඉතාලියේ 1,590දෙනෙක් ඊයේ දිනයේදී සුවයලබා ඇති ඇත්තේ ව්‍යාප්තියෙන් පසු දිනකදී ලබාගත් ඉහළම සාර්ථකත්වය සනිටුහන් කරමින්.

ස්පාඤ්ඤයෙන්ද ඊයේ දිනයේදී මරණ 748ක් වාර්තා වු අතර සමස්ත මරණ 8,464ක් ලෙසින් සනිටුහන් විය.

එරටින් ආසාදිතයින් 95000 ඉක්මවා තිබෙන්නේ, ඉතාලියෙන් පසුව වැඩිම හානියක් සිදුවූ දෙවැනි යුරෝපා රාජ්‍යය බවට ස්පාඤ්ඤය පත්කරමින්.

මේ අතර යුරෝපයේ තවත් රාජ්‍යයන් රැසකින් ඊයේ දිනයේදී කැපීපෙනෙන මරණ සංඛ්‍යාවක් වාර්තා විය.

ඒ අතරට ප්‍රංශයෙන් නව මරණ 499ක්, එක්සත් රාජධානියෙන් මරණ 381ක්, බෙල්ජියමෙන් මරණ 192ක්, නෙදර්ලන්තයෙන් මරණ 175ක්, ජර්මනියෙන් 131ක්ද  අයත්.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අගමැතිට අගරදගුරුගේ දැඩි විරෝධය.. පාප් වහන්සේත් රවටා පාස්කු බෝම්බ සත්‍ය සගවනවා කියමින් මාධ්‍ය හමුවක්…

Maimoonar

රට පුරා ග‍්‍රාම නිලධාරීන් කොරෝනා රාජකාරි වර්ජනයේ.. ඉල්ලීම් ඉල්ලති..

Maimoonar

ස්ථාන මාරුවිමක් ලද පොලිස් ස්ථානාධිපතිට ප්‍රදේශවාසින්ගෙන් උපහාර…

Maimoonar

1 comment

Comments are closed.