27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

ඇඳිරි නීති රෙගුලාසි කඩ කරමින් අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයි

ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස්දෙනෙක් සැකපිට ඊයේ (05) දින රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ වත්තේ පිරිසක් අනවසරෙන් මැණික් ගරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් වැටලිමක් කර සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගන්නා බවයි බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

SF ලොක්කා වෙඩි වැදීමකින් මරුට

Maimoonar

අගමැතිනි හරිනිට ඉල්ලා අස්වන්නැයි කියයි…

Maimoonar

සල්ලි කැපෙන්නේ නැති SMS එකකින් කොවිඩ් වලින් බේරෙන්නේ මෙහෙමයි

Maimoonar

3 comments

Comments are closed.