28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට වාහන සඳහා බලපත්‍ර ලබා දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

ඇඳිරි නීති සමය තුළ එළවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපල ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සදහා අවශ්‍ය අවසර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන් වෙත ලබාදීම සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙල විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා එම ක්‍රියාමාර්ගය ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත.

එසේම ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී සිදුවන අපහසුතා සහ අවහිරතා පිළිබඳ අග්‍රාමාත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානය යොමුකර තිබේ.

කෙසේවුව ද ඇඳිරි නීති සමය තුළ ඇදිරි නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත්තේ.

මාරාන්තික කොරෝනා වෛරසය මැඩලීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දක්වන ලෙස අග්‍රාමාත්‍යවරයා මහජනතාවගෙන් ද ඉල්ලීමක් කර තිබේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Maimoonar

ඒජන්සි හරහා ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම තහනම් : රැකියා අවස්ථාවන් විදේශ සේවා කාර්යාංශය මගින් පමණයි

Maimoonar

ඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?

Maimoonar

2 comments

Comments are closed.