30.2 C
Colombo
August 16, 2026
Local NewsNews

සිසුන් ඇතුළත් කෙරෙන රෙගුලාසි ලිහිල් කිරීමට අවධානය

රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වන ඇතැම් රෙගුලාසි ලබන වසරේදී ලිහිල් කෙරෙනු ඇතැයි දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ගාල්ල – වඳුරඹ මහා විද්‍යාලය ආසන්නයේ පදිංචි සිසුවෙකු එම පාසලට ඇතුළත් කර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය මොහාන් ප‍්‍රියදර්ශන ද සිල්වා එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ පටිපාටිය පිළිබඳ මව්පියන් නිවැරදිව දැනුවත්ව නොසිටීමද ගැටුම් ඇතිවීමට හේතුවක් බව මෙහිදී කියා සිටියා.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය මොහාන් ප‍්‍රියදර්ශන ද සිල්වා විදුහල්පතිවරයෙකුට කළ බලපෑම කිසිසේත් පිළිගත නොහැකි බව ගුරු සංගම් මීට පෙර පැවසුවා. රාජ්‍ය අමාත්‍ය මොහාන් පි‍්‍රයදර්ශන ද සිල්වා කටයුතු කර ඇත්තේ නීතියට පටහැනිව බවයි ගුරු සංගම් වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේ ගුරුවරියන් දෙදෙනෙකුගේ අනුදැනුම හා උපදෙස් මත පාසල් සිසුන් 07 දෙනෙකු විසින් පොලූවලින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව ද දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ පැවසුවා.

මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් සමථයක්ද ඇති වී තිබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ. එසේ තිබියදීත් ප‍්‍රශ්නය නැවත මතුවී තිබෙන්නේ පහරදීමට ලක්වූ සිසුවා වෙනුවෙන් විකල්ප පාසලක් ලබාගැනීමට ඇති අවශ්‍යතාව නිසා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

කෙසේවෙතත් පහරදීමට ලක්වූ සිසුවා වෙනුවෙන් විකල්ප පාසලක් ලබාදීමට කරුණු සළකා බලන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ත‍්‍රිපෝෂ ෆැක්ටරිය වහයි.. ගැබිණියන්ට, ලදරුවන්ට ත‍්‍රිපෝෂ නෑ..

Maimoonar

ජනතාව ජීවත් කරවීමත් යුද්ධයක් ඒ වගකීම මමභාර ගන්නවා.“ගම සමගපිළිසඳර” අරඹමින් ජනපති බදුල්ල, හල්දුම්මුල්ලේදී කියයි

Maimoonar

මා ජනාධිපති වීම වැලැක්වීමට ලොකු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- අනුර

Maimoonar

1,122 comments

Comments are closed.