27.2 C
Colombo
October 8, 2026
International NewsNews

උතුරු කොරියාවෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවීම ගැන සැකයක්

උතුරු කොරියාවෙන් කිසිඳු නව කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයන්හි අවධානය යොමුව තිබෙනවා.

CNN පුවත් සේවය අද (07) වාර්තා කර තිබුණේ චීනයේ අසල්වැසි රටවල් රැසකට මෙන්ම ආසියාවේ රටවල් බොහෝමයකට හා චීනයට ඉතා දුරින් පිහිටි රටවලට පවා නව කොරෝනා වෛසරය ආසාධනය වී තිබියදී, චීනයේ එක් දේශසීමාවක පිහිටි උතුරු කොරියාව මෙතක් කිසිඳු ආසාධිතයෙකු ගැන හෙළි කර නොමැති බවයි.

එහෙත් උතුරු කොරියාවේ ද බොහෝ දුරට එක් කොරෝනා ආසාධිතයෙකු හෝ සිටිය හැකි බවයි දකුණු කොරියාවේ විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කර තිබුණේ.

ලොව හුදෙකලා රටක් වන උතුරු කොරියාව සමීප සම්බන්ධතා පවත්වන්නේ ද චීනය සමග පමණයි. එසේම එරට වෙළඳ කටයුතුවලින් සියයට 90 ක්ම සිදු කරන්නේ චීනය සමගයි. කෙසේවෙතත් නව කොරෝනා වෛරසය පැතිරයාමත් සමග චීනය සමග පවතින දේශ සීමාව වසා දමා සංචාරකයින් ද ප‍්‍රතික්ෂේප කළ රටවල් අතර පෙරමුණේ උතුරු කොරියාව පසුවනවා.  

(under the courtesy of nethnews.lk news web)

Related posts

අධ්‍යාපන ඇමතිගෙන් සියලු පාසල් දරුවන්ට ඉල්ලීමක්

Maimoonar

තෙල් නැවකට යන මුදලින් රටටම නොමිලේ පාපැදි….

Maimoonar

කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්

Maimoonar

786 comments

Comments are closed.