32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

‘‘රාවණා 01’’ කක්ෂගත කිරීම අද

ශ‍්‍රී ලංකාවේ පර්යේෂණ ඉංජිරුනේරුවන් දෙදෙනෙකු විසින් නිපද වූ ‘‘රාවණා 01’’ චන්ද්‍රිකාව අද (17) කක්ෂ ගත කෙරෙනවා. මේ වනවිට එම චන්ද්‍රිකාව රඳවා ඇත්තේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේයි.

ඒ අනුව එම චන්ද්‍රිකාව අද පෘථිවියට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂයට මුදා හරිනු ඇති.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරු තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා යන ශ‍්‍රී ලාංකික පර්යේෂණ ඉංජිරුනේරුවන් දෙදෙනා මෙම චන්ද්‍රිකාව නිර්මාණය කළේ ජපානයේ ද සහය ඇතිවයි.

අදාළ චන්ද්‍රිකාව ඉකුත් අපේ‍්‍රල් 18 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. ඒ, අමෙරිකාවේ වර්ජිනියා ප‍්‍රාන්තයේදීයී. ‘‘ඇන්ටරේස්’’ නම් වූ රොකට්ටුව ආධාරයෙන් මෙම චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණේ නාසා ආයතනයේ ද මැදිහත්වීමෙන්.  

කිලෝග‍්‍රෑම් 1.05 බරැති ‘‘රාවණා 01’’ නමැති මෙම චන්ද්‍රිකාවේ ආයු කාලය වසර එකහමාරක්. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

රනිල් සිරිකොතේ පැත්තක් වහයි

Maimoonar

ශ‍්‍රී ලන්කන් ගුවන් මගීන්ට ලුණු, ගම්මිරිස් දීම නවතයි.. නාස්ති වෙනවාලු..

Maimoonar

පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි

Maimoonar