28.9 C
Colombo
September 10, 2026
NewsSportsSports News

දකුණු අප්‍රිකාවට පහසු ජයක් හිමිකර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරඟයට සූදානම්..!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය කඩුලු 08කින් ජයග්‍රහණය කරන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරඟයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 47ක් තුල සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 231 ක්.

ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග ලකුණු 8කට සහ 9කට දැවී ගියා.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගත් ඕෂධ ප්‍රනාන්දු,කුසල් ජනිත් සමඟ එක්ව තෙවන කඩුල්ලට ලකුණු 76ක සබඳතාවක් ගොඩ නැගුවේ දර්ශනීය පිතිහරඹයක නිරත වූ ඕෂධගේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ද සමඟින්.කුසල් ජනිත් රැස්කළ ලකුණු සංඛ්‍යාව 33 ක්.

ඉන් අනතුරුව පිටියට පිවිසි  ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් 5 වන කඩුල්ලට ලකුණු 94ක් රැස් කරමින් කණ්ඩායම ස්ථාවර තත්වයකට පත් කළා. එහිදී ධනංජය ද සිල්වා  ලකුණු 39ක් ලබා ගත්තා.

කෙසේ නමුත් ලකුණු 195 කට කඩුලු 04ක් පමණක් දැවී ප්‍රබලව තරඟ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ තරඟ කරුවන් කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින් බිඳ වැටුනේ ලකුණු 36 ක් තුළ  කඩුලු 6ම දැවී යාමත් සමඟයි.

ඒ අනුව ලකුණු 232ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 38යි පන්දු 05ක් තුල එම ඉලක්කය පසුකර යෑමට සමත් වුනා.

කණ්ඩායම් දෙක අතර මීළග තරගය අනිද්දා (06) පැවැත්වෙනවා. 

(under the courtesy of lankacnews.com news web)

Related posts

සරත් වීරසේකරගේ ප‍්‍රකාශයට පොහොට්ටුවේ පිරිසක් එරෙහි වෙයි

Maimoonar

ජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…

Maimoonar

ඩොලර් සංචිත හොදටම හිදේ.. අතේ ඇත්තේ තෙල් නැවු හතරකට පමණයි..

Maimoonar

665 comments

Comments are closed.