27.2 C
Colombo
September 10, 2026
NewsPolitical

මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ

මංගල සමරවීර මහතා දරන ජනමාධ්‍ය ඇමති ධුරය ඔහුගෙන් ඉවත් කිරීම ඉදිරි දින හෝ දෙකක කාලය තුලදී සිදුවනු ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඒ අනුව රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය ඇමති ධුරයට පත් කෙරෙනු ඇත්තේ කැබිනට් ඇමති ධුර ගණන 30 නොඉක්මවන පරිදි කැබිනට් නොවන හෝ රාජ්‍ය ඇමති වරයෙකු ලෙසයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් රුවන් විජේවර්ධන මහතාගේ කැමැත්ත අකමැත්ත විමසා ඇති අතර ඔහු ඒ සදහා කැමැත්ත පල කිරීමත් සමග ඇමති ධුරයේ දිවුරුම් දීමට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.

මෙම ඇමති මාරුව සිදුවන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මතම පමණක් බවද පෙරකී ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික හා නිවාස ගැටලු විසඳීමට ජනවාරි මාසය තුළ වැඩපිළිවෙළක්

Maimoonar

බෝම්බ පිපිරීම් අස්සේ ශ්‍රී ලන්කන් මුල් පුටුවට ජාත්‍යන්තර දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්.කලින් සේවය කළ ඇෆ්ගන් ගුවන්සේවයත් වසා දාලා

Maimoonar

ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට යැවිය යුතු බව ඉන්දීය ප‍්‍රබලයෙක් කියයි..

Maimoonar

786 comments

Comments are closed.