30.4 C
Colombo
October 8, 2026
Local NewsNewsPolitical

නව රජයේ විගණකාධිපතිවරිය ලෙස සමුදිකා ජයරත්න පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

නව රජයේ විගණකාධිපතිවරිය ලෙස එම දෙපාර්තමේන්තුවේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධුරය හෙබවූ සමුදිකා ජයරත්න මහත්මිය පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟතාව පළ වී තිබේ. කතානායකවරයාගේ මූලිකත්වයෙන් 2026 පෙබරවාරි මස 03 වන දින රැස්වූ ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම නිර්දේශය නිල වශයෙන් අනුමත කර ඇත. මීට පෙර අවස්ථාවලදී මෙම තනතුර සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා සම්බන්ධයෙන් සභාව තුළ පොදු එකඟතාවක් ගොඩනැගී නොතිබීම හේතුවෙන් නව පත්වීමක් සිදුකිරීමට යම් බාධා මතු වී තිබුණි.

සමුදිකා ජයරත්න මහත්මිය විගණකාධිපති දෙපාර්තමේන්තුව තුළ දීර්ඝ කාලයක පළපුරුද්දක් සහිත නිලධාරිනියක වන අතර, ඇය මෙම තනතුරට පත්වීම රාජ්‍ය මූල්‍ය විනය තහවුරු කිරීමේ ක්‍රියාවලියට ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම පසුගිය කාලයේ මහජන අවධානයට ලක්වූ රාජ්‍ය වාහන අවභාවිතය සහ ඉන්ධන ගබඩා කිරීමේදී සිදු වූ බව කියන මූල්‍ය පාඩු වැනි සිද්ධීන් පිළිබඳව ස්වාධීන විගණනයන් සිදු කිරීමේ වගකීම දැන් ඇය ප්‍රමුඛ විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබේ.

Related posts

අත්‍යවශ්‍ය කරුණකට පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන්න

Maimoonar

රට පුරා ෆාමසි විවෘතයි.. ඖෂධ වට්ටෝරුව ඇදිරි නීති අවසරපතයි..

Maimoonar

කිඹුලාවල ඇවිදින මංතීරුවට කිඹුලන් පැමිණීමේ අවදානමක්: අවට පදිංචිකරුවෝ බියෙන්

Maimoonar