28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කර ගන්න ජාත්‍යන්තර අධිකරණය හමුවට වුවත් යනවා – කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරයට වගකිව පාර්ශවයන්ට එරෙහිව මෙරට නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සුදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. අගරදගුරු මැඳුරේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියාසිටියා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලු නමුත් මේ වෙනතෙක් එය නොලැබුණ බවයි එහිදී උන්වහන්සේ ප්‍රකාශ කෙරුණේ.

“යම් යම් දේවල්වල සත්‍යතාවය අපි සොයාගත යුතුමයි. ඒ නිසා අපිට මේක බලාගෙන ඉන්න බැහැ. හැකි ඉක්මනින් අපිට ඒකෙ පිටපතක් ලැබෙන්න සලස්වන්න. අන්න එතකොට අපිට ඒ ප්‍රශ්නයට විසඳුම් සොයාගන්න පුළුවන්. පාස්කු ප්‍රහාර කොමිසමට මාත් සාක්ෂි දුන්නා. ඒ වෙලාවෙදීත් මම කොමිසමෙන් ඉල්ලීමක් කරා. ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් නෙමෙයි මේ ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද කියලා හොයන්න කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා කොමිසම ඒ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් දක්වයි කියලා. පසුගිය දිනවල මම කටුවාපිටිය සහ කොච්චිකඩේ විපතට පත්වූ පවුල්වල අය සමග සාකච්ජා කළා. එයාලා බලන් ඉන්නේ මේ විපතට එයාලට කලේ කවුද කියලා බලා ගන්න. තවත් මේ අය ඉවසන එකක් නැහැ.“ කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර සිටියා.

පාස්කු ප්‍රහාරයට අදාළව ශ්‍රී ලංකාව තුළ නීතිමය වශයෙන් යුක්තිය ඉෂ්ඨ නොවුණොත් ජාත්‍යන්තර අධිකරණයක හමුවට ගොස් යුක්තිය ඉටු කරවා ගැනීමට ක්‍රියා කරන්නේද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට උන්වහන්සේ මෙසේ පිළිතුරු ලබා දුන්නා.

“ සුදානම්. මම බලාපොරොත්තු වෙනවා අපේ නායකයින් එහෙම දෙයක් වෙන්නට ඉඩ නොතියයි කියලා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ අය යහපත් ප්‍රතිචාරයක් ලබාදෙයි කියලා මේ නඩුවෙන් හා වාර්තා තුළින්. වාර්තාවෙන් පසුව රජය මොනවද කරන්නේ කියලා අපි බලන්නට ඕනේ. එහෙම නොවුනහොත් අපි ජාත්‍යන්තර සංවිධාන තියෙනවා පිටරටවල ඒ සංවිධානවල සහයෝගය අපි බලාපොරොත්තුවෙන් කටයුතු කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු මෙරට විමර්ෂණ සිදුකරනු ලබන අය ඕනෑවට එපාවට මෙම විමර්ශන සිදුකරනවාද කියන ගැටළුවක් ඇතිවෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබලාට ඉදිරියේදී දැනගන්න පුළුවන්. මොකද ඒක අධිකරණය හරහා සිදුකරන දෙයක් නිසා,“ කාදිනල් හිමිපාණන් වහන්සේ පිළිතුරු දෙමින් කියා සිටියා.

nethnews

Related posts

පෝට් සිටිය ඇමරිකානුවකුගේ පාලනයට යටත් නොවිය යුතුයි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි..

Maimoonar

චීනයෙන් බිලියන දෙකහමාරක ණයක්.. බිලියනයක් චීන ණයක් ගෙවන්නමයි..

Maimoonar

ශ‍්‍රී ලංකාවට හැකර් ප‍්‍රහාරයක්.. google.lk ඇතුළු අඩවි ගණනාවකට හැකරුන් පනී…

Maimoonar

57 comments

Comments are closed.