29.5 C
Colombo
October 1, 2026
BusinessBusiness NewsLocal NewsNews

සම්බා සහ කීරි සම්බා වී මිල දී ගැනීමේ අවම මිල ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, එම වී වර්ග මිල දී ගැනීම සඳහා දැනට පවතින අවම මිල ගණන් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද මිල කමිටුවේ නිර්දේශ මත මෙම පියවර ගෙන ඇත. අදාළ නිර්දේශ සැලකිල්ලට ගනිමින් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් ගනු ලැබූ මෙම තීරණය පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමි වී තිබේ.

නව මිල සංශෝධනයට අනුව, නියමිත ප්‍රමිතියෙන් යුත් සම්බා වී කිලෝග්‍රෑමයක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 125 සිට රුපියල් 130 දක්වා ඉහළ නංවා ඇත. එමෙන්ම කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 132 සිට රුපියල් 140 දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, නාඩු වී කිලෝග්‍රෑමයක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 120 ලෙස තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇත.

මෙම මිල වැඩි කිරීම හරහා ගොවීන් සම්බා සහ කීරි සම්බා වගාව සඳහා වැඩි වශයෙන් යොමු කරවා ගැනීමටත්, එමඟින් දේශීය සහල් වෙළඳපොළේ පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් සහතික කිරීමටත් රජය අපේක්ෂා කරයි. වී අලෙවි මණ්ඩලය හරහා මෙම නව මිල ගණන් යටතේ ඉදිරි කන්නවලදී වී මිල දී ගැනීම් සිදු කිරීමට නියමිතය.

Related posts

මාස 03කට පසු පිටියට පිවිසි මැතිව්ස්ගේ ඉනිම ලකුණු 04න් අවසන්

Maimoonar

තේ පොහොර මිළ විශාල ලෙස පහතට..

Maimoonar

‘රෝහිතට කොරෝනා හැදී නුවර ජනාධිපති මන්දිරයේ… ගුවනින් කොළඹ සිට කෑම යවයි..’ පුවත ගැන හමුදාපති පහදයි…

Maimoonar