27.2 C
Colombo
September 10, 2026
Local NewsNewsPolitical

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදාත්මක වෙබ් අඩවි සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දෙයි

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට මතභේදාත්මක වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීම සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශන වාර්තාව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඊයේ (05) දින අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා වෙත නිල වශයෙන් භාර දී ඇත. මෙම සිදුවීම පිළිබඳව සොයා බලා කරුණු වාර්තා කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය තුළම පත්කරන ලද තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ විමර්ශන කමිටුවක් මගින් මෙම වාර්තාව සම්පාදනය කර තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරයා ලබාදුන් නියෝගයකට අනුව මෙම විමර්ශන කමිටුව පත් කරනු ලැබුවේ, දැනට සිය ධුරයෙන් තාවකාලිකව ඉවත් වී සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ මහත්මිය විසිනි. පරීක්ෂණ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා ඇය ධුරයෙන් ඉවත් වීමට පෙර මෙම කමිටුව පත් කිරීමට පියවර ගෙන තිබුණි.

අදාළ නුසුදුසු වෙබ් අඩවි සබැඳිය පෙළපොත් මොඩියුලයට ඇතුළත් වීමට බලපෑ තාක්ෂණික හෝ පරිපාලනමය හේතු සාධක සහ ඒ සඳහා සෘජුවම වගකිව යුතු නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳ සවිස්තරාත්මක කරුණු මෙම වාර්තාවට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. මෙම වාර්තාවේ අන්තර්ගතය මත පදනම්ව වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව ඉදිරි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

Related posts

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය සැරසෙයි

Maimoonar

මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට සහනයක්

Maimoonar

චම්න්ද විජේසිරි, හේෂා විතානගේ, මයන්ත දිසානායක ආණ්ඩුවට…? අතහිත තිස්ස අත්තනායකගෙන්..?

Maimoonar